Friday, July 18, 2014

chanchala dase maya


          චංචල දෑසේ මායා ඉස්සර වාගේ පායා
          ඉන්නට ආයේ මා හා ආදරේ දීලා
          මල්වගේ සිනහා ගේනා මුදු හාදු වෑහෙනා
          නින්දෙදි සනසාලා හීන සාදනා
          ඊයේ වාගේ මා දෑතේ යාවිලා
          සීතේ නෑවිලා ඔබ ඒදෝ පායාලා....

නිම්හිම් නැති නැති සිත්තම් හද ගෙත්තම් කෙරුවා
නිලවන් නෙතු යන්තම් ළග දැන්නම් නැතුවා
පාට සේද සේල ගෙන ආ ඔයා
නාව දාක හීන පාළු වි ගියා
ඊයේ වාගේ මා දෑතේ යාවිලා
සීතේ නෑවිලා ඔබ ඒදෝ පායාලා....

               සංසුන නැති සිත්තම් මගෙ ඉක්මන් වෙනවා
               ලංලං වෙනු ඇත්දැයි යළ පෙම් බස් දොඩනා
               නෑසු ගීත සීත රෑක ගි කියා
               කෝළ දෑස ලෝල වේිවි මා ‍පෙලා
               ඊයේ වාගේ මා දෑතේ යාවිලා
               සීතේ නෑවිලා ඔබ ඒදෝ පායාලා....

                           චංචල දෑසේ මායා

Artist : raini charuka
lyrics : himali n liyanage

aye enna pana mage


ආයේ එන්න පණ මාගේ ආදරේ අරන් 
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කදුලැල් මවා නෙතේ
මොනවාද අත් වුනේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැගුනේ.....

          තනිකම මැදින් එදා සමණල් රටා මවා
          වචනෙන් නොකි කථා
          සොරකම් කලා ඔයා
          හීනෙන් හැඩුවේ දුකටයි රහසේ
          තනිවි දිවියේ.....

ආයේ එන්න පණ මාගේ....

                      හසරැල් මතක් වෙලා නෙතගින් සුසුම් හෙලා
                      කදුලින් ණුවන් තෙමා
                      දෙනෙතත් ගිලන් වෙලා
                      පූජාසනයේ මා නම් පැතුවේ
                      ඔබමයි සසරේ....

      ආයේ එන්න පණ මාගේ....

Artist : charmika sirimanne
lyrics : sajith v chathuranga